අමෙරිකාවට 4 වෙනි කොරෝනා රැල්ලක්

නව කොරෝනා වෛරස් විකෘති ප්‍රභේදයන් පලානය කළ නොහැකි මට්ටමින් ව්‍යාප්තවීම සමඟ අමෙරිකාවේ 4 වන කොරෝනා රැල්ලක් ඇති වීමේ අවදානමක් පවතින බව එරට රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසනවා.
යූ එස් ඒ ටුඩේ වෙබ් අඩවිය වාර්තා කළේ , දැනට වාර්තාවන හානිකරම කොරෝනා විකෘති තත්ත්වයන් අමෙරිකාවෙන් හමුව ඇති බවයි.
ගත වූ සතිය තුල අමෙරිකාවේ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවේ සාමාන්‍යය 70,000ක් පමණ වනවා.
දෛනික මරණ සංඛ්‍යාව 2,000 ක් ඉක්මවා ගියා.
ඒ අනුව ඉදිරි ශීත සමය තුල අමෙරිකාවේ මෙන්ම ලෝකය තුල ද තවත් කොරෝනා රැල්ලක අවදානමක් මතුවිය හැකි බවයි පර්යේෂකයන් විශ්වාසය පළකරන්නේ.
මෙතෙක් නිර්මාණය වෙමින් පැවති සුබවාදී තත්ත්වය යලි හැරවීමක් ලෙසද එය නම් කර තිබෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *