කොරෝනා එන්නත් දීමේදී දේශපාලන බලපෑම් වැඩියි / වහා මැදිහත් වන්නැයි රජයට ඉල්ලීමක්

Sri Lanka

කොරෝනා එන්නත්කරණ වැඩපිළිවෙලට එල්ලවන දේශපාලන බලපෑම් නතර නොකළහොත් දැඩි පියවරක් වෙත යොමුවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ , එන්නත්කරණයේ යෙදෙන නිලධාරීන්ට විවිධ මට්ටමේ බලපෑම් කිරීමේ සිද්ධීන් මේ වන විට වාර්තා වන බවයි.
කොළඹ මහ නගර සභා සීමාව තුල එවන් සිද්ධීන් වැඩි වශයෙන් වාර්තාවන බවද ඔහු පැවසුවා.
ප්‍රාදේශීය දේශපාලනඥයන් විසින් කොරෝනා එන්නත් ලබාදීමේදී අත්‍යාවශ්‍ය කණ්ඩායමෙන් බැහැර පුදු්ගලයන්ට ඒවා ලබාදීමට බලපෑම් කරමින් පැවතීම අනුමත නොකරන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා.
සුදුසුකම් සහිත පුද්ගලයන්ට එන්නත් ලබාදිය යුතු අතර දේශපාලන අවශ්‍යතාවයන් මත බලපෑම් කිරීම පිළිබද සොයා බලන ලෙසයි සංගමය රජයෙන් ඉල්ලීමක් කළේ.
නෙඑසේනම් වෘත්තීය සමිති ඒකාබද්ධව දැඩි පියවරකට යොමුවන බවද උපුල් රෝහණ මහතා අවධාරණය කළා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *