පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් නීතිය හමුවට ගෙන ඒමට නොහැකි වීම ප්‍රශ්නයක්

Sri Lanka

පාස්කු ප්‍රහාරය සිදුකළ මහ මොළකරුවන් කඩිනමින් නීතිය හමුවට ගෙන එන්නැයි මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වගකිව යුතු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කරයි.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කාදිනල් හිමියන් පැවසුවේ පාස්කු ප්‍රහාය සිදුකර වසර 2ක් පමණ ගතව තිබුණත් ඊට සම්බන්ධ මහ මොළකරුවන්, අනුබලදුන් කිසිවකුත් නීතිය හමුවට ගෙන ඒමට නොහැකිවීම ප්‍රශ්නාර්තයක් බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත විමර්ශන ඒකකය සහ රාජ්‍ය බුද්ධි සේවය මේ පිළිබද නිසි අයුරින් පරීක්ෂණ සිදුකළාදැයි සැකයක් පවතින බව ද කාදිනල් හිමි මෙහිදී පැවසීය.

මෙම විමර්ශන සිදුකළ ඇතැම් නිලධාරීන්ට අයුතු දේශපාලන බලපෑම් සිදුකළ බව කියන පුද්ගලයින් පිළිබද ආරංචි වී ඇති බවත් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙහිදී වැඩිදුරටත් සදහන් කළා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *