ගමන් බෑගයේ මළ සිරුර ගෙනා පුද්ගලයා සොයා පරීක්ෂණ / හංවැල්ලෙන් කාන්තා ඇඳුම් සහිත බෑගයක්

පිටකොටුව ,වේල්ලවීථිය ප්‍රදේශයේ දී ගමන් බෑගයක තිබී හමුවූ හිස කඳින් වෙන් කළ කාන්තා සිරුර සහිත බෑගය එම ස්ථානයට රැගෙන ආ පුද්ගලයා ඉන්පසු ගමන් කළ මාර්ගය සොයා මේ වනවිට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
සී සී ටී වී දර්ශන මේ සඳහා භාවිත කරමින් පවතින බවයි පොලිසිය පැවසුවේ.
සිද්ධියට සම්බන්ධ පුද්ගලයා හංවැල්ලේ සිට පිටකොටුව දක්වා ධාවනය වූ බස් රථයකින් (143) කාන්තා මළ සිරුර සහිත බෑගය රැගෙන විත් ඇති බවයි මේ වනවිට තහවුරු වී ඇත්තේ.
මේ වනවිට එම බස් රථය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
එම මළ සිරුර සහිත ගමන් බෑගය හංවැල්ල ප්‍රදේශයේදී බස් රථයට දමාගන්නා ආකාරය මෙන්ම පිටකොටුව ප්‍රදේශයේදී බස් රථයෙන් බැස යන ආකාරයද සී සී ටී වී දර්ශනවල සටහන් වී තිබුණා.
මේ අතර හංවැල්ල නගරයේ තිබී කාන්තා ඇඳුම් සහිත බෑගයක් අද පොලීසිය සොයාගෙන තිබෙනවා.
එහෙත් එම බෑගය සහ මියගිය කාන්තාව අතර සබඳතාවක් පිළිබඳ මෙතෙක් අනාවරණ වී නැහැ.
මේ අතර හංවැල්ල බස් නැවතුම්පලට කිලෝමීටර 3 ක් පමණ දුරින් පිහිටි නීරියපොල ප්‍රදේශයේ පිහිටි වක්ඔයේ තිබී පිරිමි පුද්ගලයෙකුගේ සිරුරක්ද අද සොයාගෙන තිබෙනවා.
මෙම සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිසිය පවසන්නේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *