ජිනීවා හීදී ඉන්දියාව ලංකාවට සහාය දෙයි / ඇමති කෙහෙළිය කියයි

මෙවර ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට සහාය දක්වනු ඇතැයි තැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගේ අසාධාරණ චෝදනා පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමග ඉන්දියාව එක්වනු ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.
මෙහිදී චීනය , රුසියාව , ඉන්දුනීසියාව වැනි රටවල්ද ශ්‍රී ලංකාවට සහාය දක්වනු ඇති බව අමාත්‍යවරයා කියා සිටියා.
කෙසේ වෙතත් අදාළ යෝජනා පසුගියදා සළකා බැලූ අවස්ථාවේදී ඉන්දියාව මධ්‍යස්ථ ස්ථාවරයක පසුවූ අතර මෙරට දෙමල ජනතාවගේ අයිතිවාසිකම් හා 13 වන සංශෝධනය පිළිබද උනන්දුවෙන් පසුවන බවයි ඉන්දීය නියෝජිතයා ප්‍රකාශ කළේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *