පළාත් සභා ජන්දයේදී එජාපය හා සමගි ජන බලවේගය එක්වීමේ සූදානමක් ?

ඉදිරි පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සමග එක්ව තරඟ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගය පවසනවා.
එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ චෝදනා රහිත එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් සමග පමණක් මෙසේ එක්වී කටයුතු කිරීමට සූදානම් බවයි.
සමගි ජන බලවේගයේ සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාම හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් බව පෙන්වා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් කියා සිටියේ සමගි ජන බලවේගයට එක්සත් ජාතික පක්ෂය සමඟ කිසිදු ගැටළුවක් නොමැති බවයි.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතීක පක්ෂය පිළිද මහජනතාවගේ දැක්ම ප්‍රකාශ වූ බවද ලේකම්වරයා කියා සිටියා.
මේ අතර පලාත් සභා ජන්දයේදී පක්ෂය නියෝජනය කිරීම සඳහා අපේක්ෂකයින් සඳහා අයදුම්පත් නිකුත් කිරීම ආරම්භ කර ඇති බව සඳහන් කළ රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේ මැතිවරණය ප්‍රමාද කිරීමෙන් වළකින ලෙසත් හැකි ඉක්මනින් එය පවත්වන ලෙසත් රජයෙන් ඉල්ලා සිටින බවයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *