ගමන් මල්ලක මළ සිරුර ගෙන ඒමට සැක උප පොලිස් පරීක්ෂකගේ මළ සිරුර හමුවෙයි

Sri Lanka

කොළඹ, වේල්ල වීදියෙන් පෙරේදා මාර්තු පළමුවනදා ,මෘතදේහය හමුවූ තරුණියගේ ඝාතනයට සම්බන්ධයෙන් පොලිස් විමර්ශනවලට අවශ්‍යව සිටි සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා.
බඩල්කුඹුරල පහේ කණුව ප්‍රදේශයේ, කැලෑවක ගසක එල්ලෙමින් තිබිය දී ඔහුගේ මළ සිරුර සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා.

එම මළ සිරුර ආසන්නයේ තිබී ,වස කුප්පියක් ද සොයාගෙන ඇති අතර, ඔහු වස පානය කර සියදිවි හානි කරගන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.
මෙසේ මියගොස් ඇත්තේ බුත්තල පොලීසියට අනුයුක්තව සේවය කරන නිවාඩු ලබා සිටි 52 හවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙක්.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *