කොරෝනා මරණ භූමදානයට එරෙහිව ඉරණතිව් හී විරෝධතා

කොරෝනා වෛරසය ආසාදනයවී මරණයට පත්වන පුද්ගලයන්ගේ මළ සිරුරු ඉරණතිව් දූපතේ භූමදානය කිරීමට රජය ගත් තීරණයට එම දූපතේ වෙසෙන ජනතාව විරෝධය පළකර තිබෙනවා.
ඒ අනුව අද දිනයේදී ඔවුන් යාපනයේ පිහිටි මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්යාලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ද නියමිතයි.
ඉරණතිව් දූපතේ දේවස්ථානය මුල්කර ගනිමින් මෙම විරෝධතාවය සැලසුම් කර තිබෙනවා.
පවුල් 150 කට වැඩි සංඛ්‍යාවක් වෙසෙන ඉරණතිව් දූපතේ කොරෝනා ආසාදිත මෘතදේහ භූමදානය කිරීමට රජය තීරණය කිරීම ගැටළු සහගත බවයි ඉරණතිව් වැසියන් පවසන්නේ.
මේ අතර කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ මෘතදේහ ඉරණතිව් දූපතට අමතරව තවත් ස්ථාන 6ක භූමදානය කිරීම පිළිබද බලධාරීන් අවධානය යොමුකර තිබෙනවා.
මන්නාරම, පුත්තලම හා ඔට්ටමාවඩි යන ප්‍රදේශ ද ඊට ඇතුලත්.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *