සාමාන්‍ය පෙළ විභාගයට අදාළ සිදුවීම්වලට සිසුන් 4ක් අත්අඩංගුවට

මේ වන විට පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයේ විභාග වංචා සහ ඊට අදාළ සිදුවීම් සම්බන්ධව සිසුන් 4 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ මුලතිව් හා කැකිරාව ප්‍රදේශවලදී එම පිරිස අත්අඩංගුවට ගත් බවයි.
මේ අතරින් එක් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත්තේ මුලතිව් සිලාවත්ත විදුහලේදීයි.

ඒ සිසුවකු වෙනුවට 27 හැවිරිදි පුද්ගලයකු විභාගය සඳහා පෙනී සිටීන බව හඳුනා ගැනීම සමගයි. සිද්ධියට සම්බන්ධ සිසුවාද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තවත් සිසුන් 3 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත්තේ , මඩාටුගම විභාග මධ්‍යස්ථානයකදීයි.
එහිදී විභාගයට පෙනී සිටීමට පැමිණි සිසුවකුට පහරදී තුවාල සිදුකිරීමේ චෝදනාව මත එම සිසුන් අත්අඩංගුවට ගෙන තිබුණා.
තුවාල ලැබූ සිසුවා දඹුල්ල රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *