ගමන් මල්ලක මළ සිරුර ගෙන අපරාධකරු අවසන් වරට ලියූ ලිපියක් හමුවෙයි

වේල්ල වීදිය ප්‍රදේශයේ දී ගමන් බෑගයක දමා තිබියදී සොයාගත් හිස නොමැති තරුණියගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වන සියදිවි නසා ගත් උප පොලිස් පරීක්ෂකවරයා මියයෑමට පෙර ලියන ලද ලිපියක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
එම පුද්ගලයා අවසන් වරට නිවසට පැමිණි අවස්ථාවේදී මෙම ලිපිය ලියා ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

“මගේ ළමයි තුන්දෙනා එක්ක සතුටින් ඉන්න. ටික කලක් යනකොට දුක ඇරිලා යයි. ලෝකේ ඇති වෙනවා, පවතිනවා, නැතිවෙනවා, ඒකයි ලෝකේ ධර්මය. මේක ප්ලෑන් කරලා කරපු එකක් නෙමෙයි. එහෙම නොකලා නම් දැන් හොදයි කියලා හිතෙනවා, දුරගමනක් යනවා.. ආදරෙයි කිය කිය ඉදලා වෛර කළා“ 

යනුවෙන් සැකකරු ලිපියේ සදහන් කර තිබෙනවා.


පසුගිය මාර්තු පළමුවනදා අදාළ තරුණියගේ හිස සුන් මළ සිරුර සොයාගනු ලැබුවා.
ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ෂණවලදී සැකකරු අත්අඩංගුවට ගැනීමට සොයන අවස්ථාව තුලයි ඔහු නිවසින් පළාගොස් මෙලෙස සියදිවි හානිකර ගෙන ඇත්තේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *