එළඹෙන සිකුරාදා දිනට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද ප්‍රකාශ කළා.ඉදිරියේදී ආණ්ඩුව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අදාළ ප්‍රකාශය සිදු කරන බවයි අමාත්‍යවරයා සදහන් කළේ. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් අතර අද පැවැති සාකච්ජාවකින් පසු මේ බව සදහන් කෙරුණා.
මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් සදහන් කර ඇත්තේ තමන් එක්සත් ජාතික පක්ෂ රජයක් බිහි කරන බවයි.
කෙසේ වෙතත් අගමැතිවරයා වෙනස් කළ යුතු බවට වන නිදහස් සන්ධානයේ ස්ථාවරය නොවෙනස්ව පවතින බවයි සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා මෙහිදී සදහන් කළේ.
22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :