ඉන්දියාවේ විදුලි බල පද්ධතියට සයිබර් ප්‍රහාර චෝදනාව චීනය ප්‍රතික්ෂේප කරයි

ඉන්දියාවේ විදුලිබල පද්ධතියට චීනය සයිබර් ප්‍රහාරයක් එල්ල කළ බවට පල වන වාර්තා චීනය තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් පැවසුවේ සයිබර් ආරක්ෂාව වෙනුවෙන් කැපව සිටින රටක් ලෙස ඕනෑම ආකාරයක සයිබර් ප්‍රහාරයකට චීනය විරුද්ධ බවයි.
ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව කිසියම් පාර්ශවයකට චෝදනා කිරීම අතිශයින්ම වගකීම් විරහිත බවච චීනය අවධාරණය කරනවා.
එක්සත් ජනපදය පදනම් කරගත් සයිබර් ආරක්ෂණ සමාගමක් විසින් නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ චීන රාජ්‍ය අනුග්‍රහය දක්වන කණ්ඩායම් ඉන්දියාවේ විදුලිබල ක්ෂේත්‍රයට හානිකර මෘදුකාංග එක්කර ඇති බවයි.
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පසුගියදා එම වාර්තාව හෙළිකර තිබුණා.
පසුගියදා මුම්බායි ආශ්‍රිතව හටගත් විදුලි බිදවැටීම ද එහි පියවරක් බවයි එම වාර්තාවේ දක්වා තිබුණේ.
කෙසේ වෙතත් මෙම ප්‍රකාශ හුදු චෝදනා පමණක් බවයි චීනය දැඩිව අවධාරණය කරන්නේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *