නිමල් සිරිපාල අගමැති කර ආණ්ඩුවක් පිහිටුවීමට ශ්‍රීලනිප සාකච්ජා

ඒකාබද්ධ විපක්ෂයේ සහය ඇතිව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බහුතර ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා සිදුවෙමින් පවතිනවා.නව ශ්‍රීලනිප ආණ්ඩුවේ අගමැති තනතුරට  ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා යෝජනා වී ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෙට දිනයේදී තමන්ගේ බහුතරය පෙන්වීමට සූදානම් බවයි අනාවරණ වන්නේ.

නව ආණ්ඩුව පිහිටුවීමේදී ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවේ තනතුරු වගකීම් භාර නොගෙන සහය දැක්වීමට පලකර තිඛෙනවා.

ආණ්ඩුව සමඟ සිටින ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් 42 දෙනාගේත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්  52 දෙනාගේ සහ එජාපයේ හා හවුල්කාර පක්ෂවල  මන්ත්‍රීවරුන් 26 දෙනෙකුගේත් සහය ඇතිව මෙම නව ආණ්ඩුව පිහිටුවීමට යෝජනා වී ඇති බව සදහන්.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ රාත්‍රීයේ කොළඹ 07 මහගමසේකර මාවතේ නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා
තිබුණා.

7153

ආසාදිතයන්

3644

සුවය ලැබූ

3495

දැනට රෝගීන්

14

මරණ

බෙදා හරින්න :