පළමු T20 තරගයේ ජය කොදෙව්වන්ට/ අකිලගෙන් කඩුලු ත්‍රීත්වයක්

ශ්‍රී ලංකාවට එරෙහි පළමු විස්සයි විස්ස තරගය කඩුලු 4කින් ජය ගන්නට කොදෙව් කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනු බටහිර ඉන්දීය කොදවේ කණ්ඩායමේ ආරාධනයෙන් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසාදනයේ කඩුලු 9ක් දැවී ලකුණු 131ක් ලබා ගත්තා.

සිය මංගල ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කළ පැතුම් නිශ්සංඛ ලකුණු 39ක් ද නිරෝෂන් දික්වැල්ල ලකුණු 33ක් ද ලබා ගත්තා. නායක ඇන්ජලෝ මැතිව්ස් ලබා ගත්තේ ලකුණු 5ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් පන්දුවාර 13යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 134ක් ලබා ගනිමින් ජයග්‍රාහි ඉලක්කය පසු කළා.

නායක කිරන් පොලාඩ් පන්දු 11කදී වේගවත් ලකුණු 38ක් රුස් කළා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දග පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය කඩුලු ත්‍රීත්වයක් ලබා ගැනීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් දවා ගන්නා ලද තෙවැනි පන්දු යවන්නා බවට පත්වීමට අකිල ධනංජය අද (04 දා) සමත්විය.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *