වේල්ලවීදියෙන් හමුවූ මළ සිරුරේ හිස සොයා තවදුරටත් පරීක්ෂණ

Sri Lanka

කොළඹ, වේල්ලවීදිය ප්‍රදේශයේ ගමන් බෑගයක තිබී සොයා ගත් කාන්තා මළ සිරුරේ හිස සෙවීම සඳහා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ , මිය ගිය තරුණියගේ සිරුර හඳුනා ගැනීම සඳහා ඇයගේ මවගෙන් සහ ළඟම ඥාතීන්ගෙන් සාම්පල රැගෙන DNA පරීක්ෂණය සිදු කරන බවයි.

ඔවුන් ලැඟුම් ගෙන සිටි හංවැල්ල නවාතැන්පොළේ කාමරයෙන් ලේ සලකුණු කිහිපයක් වැඩිදුර පරීක්ෂණවලදී සොයාගෙන තිබෙනවා. බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම ඝාතනයේ සැකකාර මිය ගිය උපපොලිස් පරික්ෂකවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද දින මොණරාගල, සිරිගල රෝහලේ සිදු කිරීමට නියමිතයි.

මීට අමතරව මිය ගිය තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණයත් DNA පරීක්ෂණයෙන් පසුව සිදු කිරීමට නියමිතයි.

ඝාතනයට ලක් වූ තරුණිය කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවක්.

 

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *