අගමැතිකම ගැන මහින්ද රනිල්ට කියූ දේ රාජිත හෙළිකරයි

අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් නොවන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතාට දුරකතනයෙන් පවසා ඇතැයි කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා අද ප්‍රකාශ කළා.
ඒ කැබිනට් මාධ්‍ය හමුවේදීයි.
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය අනුව එජාපය යම් ඡන්ද ප්‍රතිශතයක් ලබා තිබෙන බවද අගමැතිධුරයෙහි වෙනසක් අවශ්‍ය නොවන බවද රාජපක්ෂ මහතා අගමැතිවරයාට පවසා ඇති බවයි රාජිත සේනාරත්න මහතා මෙහිදී කියා සිටියේ.
කෙසේ වෙතත් ඉතා ඉක්මනින් නකැබිනට් සංශෝධනයක් සිදුකර සම්මුති ආණ්ඩුව අඛණ්ඩව පවත්වාගෙන යාමටද තීරණය කළ බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

6287

ආසාදිතයන්

3561

සුවය ලැබූ

2712

දැනට රෝගීන්

14

මරණ

බෙදා හරින්න :