අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ධූරයෙන් ඉවත් කිරීමට ඇති හැකියාව සොබා බැලීම සදහා ජනාධිපතිවරයා කටයුතු කරමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් සොයා බලන බවට ජනාධිපතිවරයා තමන්ට පොරොන්දු වූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා මාධ්‍ය වෙත සදහන් කළේ.
ඒ අනුව නීතිපතිවරයා හා නීති විශාරදයින් මේ පිළිබද සොයා බලමින් පවතින බව ප්‍රකාශ වනවා.
මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර අද පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.
ඒ මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදීයි.
සාකච්ඡාවෙන් පසුව සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට ගිය බවත් ඔවුන් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක යෙදුණු බවත් ප්‍රකාශ වනවා.
මෙම කණ්ඩායමට වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ,උදය ගම්මන්පිළ යන මහත්වරුද ඇතුළත්වූ බව සදහන්.
මෙම සාකච්ඡාවේ අරමුණ ඒකාබද්ධ විපක්ෂයේ සහයෝගය ලබාගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමයි.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :