මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට ලබන 08 වැනිදාට පෙර දිවයිනට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙන ලෙස දන්වා අද නොතිසි නිකුත් කරනු ලැබුවා. ඒ කොලඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

එම නොතීසිය අධිවේගී තැපෑල සහ කුරිය සේවාව හරහා අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙත යොමු කරන ලෙසද මෙහිදී නියෝග කෙරුණා.

මීට පෙර නිකුත් කළ නොතීසියකට අනුව අර්ජුන මහේන්ද්‍රන් මහතා ඊයේ දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා හමුවේ ප්‍රකාශයක් ලබා දීමට නියමිතව තිබුණද ඔහු ඒ සදහා මෙරටට පැමිණියේ නැහැ.

21469

ආසාදිතයන්

15447

සුවය ලැබූ

5928

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :