නව කොරෝනා ප්‍රභේදයෙන් බ්‍රසීලයට මාරාන්තිකයි / සතියකට මරණ 10,000 ක්

Sri Lanka

ලෝකයේ කොරෝනා ආසාදිතයන්ගේ වර්ධනය අවම වෙමින් පවතින තත්ත්වයක් තුල බ්‍රසීලයේ කොරෝනා අවධානම උග්‍ර මට්ටමක් කරා ගමන් කරන බව ප්‍රංශ පුවත් සේවය පවසනවා.
ඒ අඛණ්ඩව වාර්තාගත මට්ටමින් එරට කොරෝනා මරණ ඉහළ යාම සමගයි.
ඒ අනුව ගතවූ දින 2 තුල දෛනිකව කොරෝනා මරණ 1900 ක් ඉක්මවා වාර්තා වුණා.
මේ දක්වා චීනයේ සිදුව ඇති කොරෝනා මරණ ගණන 259,217 ක්.
ගතවූ සතිය තුල පමණක් එරටින් කොරෝනා මරණ 10,000 ක් වාර්තා වුණා.
එරටින් සොයාගත් නව කොරෝනා ප්‍රභේදය මෙම අවදානම වර්ධනය කර ඇති අතර බ්‍රසීලයේ ප්‍රාන්ත 27න් 17කම එම උග්‍ර මට්ටමින් පැතිර යමින් පවතිනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *