බහුතරය පෙන්නන කෙනාට අගමැති පුටුව / ජනපතිගෙන් තීන්දුවක්

පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට සමත්වන පාර්ශ්වයට ආණ්ඩුවේ අගමැති ධුරය පිරිනැමීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජාතික පක්ෂ යන දෙපාර්ශ්වයෙන් කුමන පාර්ශ්වය ඊට සමත් වුවද ඒ සඳහා ඉඩදීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවද සදහන්.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය එක්ව එජාපයේද මන්ත්‍රී කණ්ඩායමක් සම්බන්ධ කරගනිමින් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමේ මෙහෙයුම පසුගිය සතියේ සිකුරාදා වන විටත් ක්‍රියාත්මක කර තිබුණා.
එසේම එක්සත් ජාතික පක්ෂයද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එම ධුරයේ තබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ බහුතරය පවත්වා ගැනීමට අවශ්‍ය දේශපාලන මෙහෙයුමක නිරත වනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැතිවරයෙක් පත්කර ආණ්ඩුවක් පිහිටුවීම සදහා අවසර දෙන ලෙස ශ්‍රීලනිපය කළ ඉල්ලීමටද ජනාධිපතිවරයා කළ අනුමැතිය දී ඇති අතර සියලු දෙනාට ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ පාර්ලිමේන්තුවේ අවශ්‍ය කරන බහුතරය පෙන්වන ලෙසයි.

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :