දේශපාලන බල ලෝභය නිසා ආර්ථිකය අවදානමේ / රුපියල දවසින් දවස පහලට

මේ වන විට පවතින දේශපාලන බල අරගලය හේතුවෙන් රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ලවිය හැකි බව ආර්ථකික විශේෂඥයන් පෙන්වා දෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තා නොවූ අන්දමින් මේ වනවිට ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණ වෙමින් පවතින අතර ශ්‍රී ලංකා මහබැංකු වෙබ් අඩවියට අනුව ඊයේඩොලරයක ගැනුම් මිල රු 152.89 ක් වූ අතර විකුණුම් මිල රු 156.67 ක් ලෙසයි දැක්වුණේ.
දැනට රට තුළ පවතින දේශපාලන අස්ථාවරත්වය හමුවේ රුපියල තවත් අවප්‍රමාණ විය හැකි බව ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන මහතා ඊයේ ප්‍රකාශ කළා.
මෙම තත්ත්වය තුල රටේ ආනයන වියදම මහා පරිමාණයෙන් ඉහල යා හැකි අතර අපනයන සදහා යම් සුබවාදී තත්ත්වයක් ඇතිවිය හැකියි.
කෙසේ වෙතත් ඇගලුම් වැනි ආනයනික ද්‍රව්‍ය මුල් කරගත් අපනයන සදහා මෙහිදී පිරිවැය වැඩිවීමේ අවදානමක්ද පවතිනවා.
මෙම අවස්ථාවේදී දේශපාලනඥයන් පක්ෂ පිළිබද සිතා කටයුතු කරන ස්වාභාවයක් පැහැදිලිව දක්නට ලැබෙන අතර ඒ අනුව රටේ අංශ ගණනාවක් අකර්මණය විය හැකි තත්ත්වයක් පවතින බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
මෙරට සමස්ථ ජනතාවම පක්ෂ දේශපාලනයකට ගැති වූවන් ලෙස සලකමින් පහත් දේශපාලන සංස්කෘතියක් කරා ගමන් කරමින් පවතින බැවින් ඉදිරියේදී තත්ත්වය තවත් අවධානම් විය හැකි බවටද අනතුරු ඇගවීම් නිකුත් වනවා.
එබැවින් දේශපාලනයට ගැති නොවූ මධ්‍යස්ථා ජනතාවට ජීවත්වීමට රටක් ඉතිරි කරන ලෙසයි මෙම පහත් පෙලේ දේශපාලන ක්‍රියාකාරීත්වයන්ගෙන් මධ්‍යස්ථ ජනතාව ඉල්ලා සිටින්නේ.

10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :