මාලදිවයින් ජනාධිපතිවරයාගේ නියෝග මත එරට අගවිනිසුරුවරයා හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් අත්අඩංගුවට ගැනීම පිළිබද සිද්ධියට මැදිහත්වන්නැයි එරට ජ්‍යෙෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයින් ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කරනවා.
රොයිටර් පුවත් සේවය වාර්තා කළේ මාලදිවයින තුල මේ වන විට නීතියක් නැති තත්ත්වයක් උදාවී ඇති බැවින් ඒ වෙනුවෙන් මැදිහත්වන ලෙස මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි.
එරට ජනාධිපතිවරයා බලයට පත්වීම නීති විරෝධී බවට මාලදිවයින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයෙන් පසුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුවුනේ.
ඊට ප්‍රතිචාර දක්වමින් මාලදිවයින් පොලිසිය සදහන් කළේ අගවිනිසුරුවරයාගේ හා අනෙක් විනිසුරුවරුන්ගේ නිවෙස්වලින් මුදල් පිරවූ මලු හමුවීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.
එහෙත් මෙය ව්‍යාජ චෝදනාවක් බවටයි මාලදිවයින් ජනාධිපතිවරයාට එරෙහි පිරිස් අදහස් දක්වන්නේ.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :