නුවරඑළියේ සිට ගමිපහ දක්වා ධාවනය වු මෝටර් රථයක් ඉහළ කොත්මලේ ජලාශයට පෙරලි එම මෝටර් රථය තුල තිබි කාන්තා මළ සිරුරක් සහ පිරිමි මළ සිරුරක් ගොඩ ගත් බව තලවාකැලේ පොලිසිය පවසනවා.
අද පස්වරු 4.00 ට පමණ ධාවනය වෙමින් තිබු මෝටර් රථය ජලාශයට පෙරලි මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
ජලාශයට පෙරලුණු මෝටර් රථයේ තිබි ප්‍රදේශවාසින් එක්ව ගොඩ ගත් සිරුරු දෙක ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත යොමු කර තිබෙනවා.
මෝටර් රථයේ තිබි කුඩා ළමයෙකුගේ සනීපාරක්‍ෂක තුවායක් හමුවි ඇති අතර ඒ පිළිබදව පොලිසිය පරික්‍ෂණ ආරම්භ කර ඇති බව සදහන්.
අධික වේගයෙන් ධාවනය වි ඇති මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ජලාශයට පෙරලි ඇති බවයි අනතුර පිළිබද පරික්‍ෂණ පවත්වන තලවාකැලේ පොලිසිය පවසන්නේ.
මෝටර් රථයේ ගමන් ගත් අය ගමිපහ නැදුම්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට දැනට හදුනාගෙන තිබෙනවා.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :