කුරුවිට තරුණිය ඝාතන සිද්ධිය ගැන තවත් CCTV දර්ශන කිහිපයක් ඔස්සෙ විමර්ශන

Sri Lanka

තරුණියක ඝාතනය කර බෑගයක දමා වේල්ලවීදිය ප්‍රදේශයේ දමා ගොස් තිබූ සිද්ධියට අදාළව CCTV දර්ශන කිහිපයක් ඔස්සේ තවදුරටත් විමර්ශන සිදුකෙරන බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා මාර්තු 1 වනදා සවස 4.10ට පමණ කොළඹ පෞද්ගලික බස් නැවතුම් පොළෙන් මොණරාගල දක්වා ධාවනය වන බස් රථයකට නැග ඇති බවයි.

පසුව රාත්‍රී 11.30ට පමණ බසයෙන් බැස ඇත්තේ බුත්තල නගරයෙනි.

සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා පැළද සිටි බෑගයේ ඝාතනයට ලක්කළ තරුණියගේ හිස රැගෙන ගොස් විසිකර ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයා ගැනීම සඳහා මෙලෙස CCTV දර්ශන පරීක්ෂා කෙරෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.

කෙසේවෙතත් කැළණිගග ආශ්‍රීතව වේල්ලවීදිය පොලිසිය සහ පොලිස් නාවුක කොට්ඨාශයේ නිලධාරීන්ගේ සහයෙන් කැළණි ගගෙ මොදර සිට අඹතලේ දක්වා මෙහෙයුමක් සිදුකළ ද මෙතෙක් ඝාතනයට ලක්වූ තරුණියගේ හිස සොයා ගැනීමට නොහැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.

අද දිනයේදී ද එම මෙහෙයුම ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *