නව අගමැතිවරයකු පත් කිරීමට ඇතැමුන් සිහින දුටුවද ව්‍යවස්ථාව යටතේ ඉදිරි පාලන කාලය ගෙනයාමට අවශ්‍ය බහුතරය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සතු බව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සහකාර සම සංවිධායක ජේ සී අලවතුවල මහතා පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ජනතාව 2015 අගෝස්තු 17 වනදා ලබාදුන් ජනවරම ව්‍යවස්ථාවට අනුව අදාළ කාලය තු-ල ක්‍රියාත්මක විය යුතු බවයි.
එය වැලැක්වීමට ඇතැම් පිරිස් කඩාකප්පල්කාරී ලෙස කටයුතු කළද ජනතාව තවමත් රජය කෙරෙහි විශ්වාසය තබන බවද මන්ත්‍රීවරයා සදහන් කළා.
පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට යන බව කියන පිරිස්වලට අවශ්‍ය අවස්ථාවේදී බහුතරය පෙන්වීමට එක්සත් ජාතික පක්ෂය සූදානමින් පසුවන බවයි අලවතුවල මහතා සදහන් කළේ.
ඒ අනුව පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයෙන් ජනතාව ලබාදී ඇති සංඥාව හදුනාගනිමින් රජය පෙරට ගෙන යන බවද ඔහු කියා සිටියා.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :