ශ්‍රී.ල.නි.පය ආණ්ඩුවෙන් ඉවත් වනවාද ? ඊයේ රාත්‍රීයේ ගත් තීරණය

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා.

පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) රාත්‍රීයේ රැස්වු පක්ෂයේ නියෝජිත හමුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා නව කළමනාකරණ කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.

අදාළ හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු ශාන් විජේලාල් ද සිල්වා මන්ත්‍රීවරයා පැවසුවේ පක්ෂයේ සංවිධාන වැඩපිළිවෙල ශක්තිමත් කිරීමේ අරමුණින් මේ වනවිට තීරණ රැසක් ගෙන ඇති බවයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *