රනිල් / මෛත්‍රී ආණ්ඩුව දිගටම / වාසුදේව ඇත්ත තත්ත්වය හෙළිකරයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්ව ආණ්ඩුව ක්‍රියාත්මක කරනු ඇතැයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අද ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දුර්වලතා හේතුවෙන් ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ම ඒකාබද්ධ විපක්ෂය සමග එක්වෙනු ඇති බවත් පසුගිය දිනවල ජනතාව හමුවේ රගදැක්වුණේ රංගනයක් පමණක් බවත් වාසුදේව නානායක්කාර මහතා අවධාරණය කර තිබෙනවා.

5685

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2215

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :