පළාත් පාලන ආයතනවල සභා ස්ථාපිත කිරිමේ දී නිතියෙන් අනිවාර්ය කර  තිබෙන සියයට 25 කාන්තා නියෝජනය නොසලකා හැර එම කටයුතු ඉදිරියට ලෙන යාමට පක්ෂ නායකයින් එකගතාවය පල කර තිඛෙනවා.

පළාත් පාලන ආයතනවල අනිවාර්ය කාන්තා  නියෝජනය ප්‍රායෝගික ගැටළු රැසක් නිර්මාණය වීම හමුවේ ඇතැම් පළාත් සභාවල සියයට 25ක කාන්තා නියෝජනය තහවුරු කිරීමට නොහැකිවී ඇති බව සදහන්.
ඒ අනුවයි මෙම තීරණයට එළඹ ඇත්තේ.

ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති දේශපාලන පක්ෂ නායක රැස්වීමේ දී එම තීරණයට එළැඹ ඇති අතර  පක්ෂ නායක නායකයින්ට අමතර  මැතිවරණ කොමිෂන්  සභාවේ සභාපති, සාමාජිකයන් නීතිපති හා නිතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් සහභාගී වී තිඛෙනවා.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :