විපක්ෂනායකකම මහින්දට ? /ඉක්මන් තීරණයක් ඉල්ලයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විපක්ෂනායක ධූරය ලබාදිය යුතු බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජපක්ෂ මහතා කියා සිටියේ තවදුරටත් අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරනු ඇති බවයි. ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ආරක්ෂා කරමින් පවතින බවද හිටපු ජනාධිපතිවරයා කියා සිටියා.

“විපක්ෂ නායකකම අපි ඉල්ලා සිටිනවා. අපි කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙක් එනවානම් අපේ සහාය එළියේ ඉඳන් දෙනවා කියලයි. අපි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක්ට එක දෙන්නේ නෑ.

අපි විපක්ෂයේ සිටිනවා අපි බලාපොරොත්තුවෙනවා නියම සුදුසු ස්ථානය දෙයි කියලා. ජනාධිපතිට උපදෙස් ඕනද? ජනපති විධායක කියලා අමතක කරන්න එපා.“

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :