බ්‍රසීලයේ විකෘති කොරෝනා ප්‍රභේදයට ඇස්ට්‍රසෙනිකා සාර්ථක බවට වාර්තාවක්

Sri Lanka

ඇස්ට්‍රසෙනිකා කොරෝනා එන්නත බ්‍රසීලයේ වේගයෙන් ව්‍යාප්ත වන කොරෝනා ප්‍රභේදය මර්ධනය කිරීමට සමත් බව ඔක්ස්ෆර්ඩ් සරසවිය සිදුකළ අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.
බ්‍රසීලයේ නව කොරෝනා විකෘතිය සම්බන්ධයෙන් සිදුකළ මෙම අධ්‍යයනයේදී අනාවරණවී ඇත්තේ , ඇස්ට්‍රසෙනිකා එන්නත ලබාගත් පුද්ගලයන් මෙම වෛරස ප්‍රභේදයට ගොදුරුවීමේ හැකියාව අවම මට්ටමක පවතින බවයි.
කෙසේ වෙතත් එම ප්‍රතිශත දත්ත මේ දක්වා මාධ්‍ය වෙත අනාවරණ කර නැහැ.
මේ වන විට බ්‍රසීලයේ පැතිරයන නව කොරෝනා විකෘති ප්‍රභේදය කොරෝනා මරණ වර්ධනය කරමින් පවතිනවා.
ඒ අනුව ඉකුත් සතියේ පමණක් බ්‍රසීලයෙන් කොරෝනා මරණ 10,000 ක් වාර්තා වුණා.
එය වැලැක්වීමේ හැකියාව පෙන්වූ එකම එන්නත ලෙස ඇස්ට්‍රසෙනිකා නම් කළද ඊට අදාළ දත්ත් ඉදිරිපත් කළ යුතු බවයි පර්යේෂකයන් පවසන්නේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *