බණ්ඩාරවෙල – දියතලාව මාර්ගයේ කහගොල්ලේදී අද අලුයම පුද්ගලික බස්රථයක සිදුවූ පිපිරීම අත්බෝම්බයක් පිපිරීයාමක් බව අනාවරණවී තිබෙනවා.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නීතිය හා සාමය පිළිබද අමාත්‍ය සාගල රත්නායක මහතා මේ බව සදහන් කළා.
සිද්ධයෙන් තුවාල ලැබු 16 දෙනෙක් දියතලාව මූලික රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර සිදුකරමින් පවතිනවා.
ඒ අතරට හමුදා සාමාජිකයින් 12 දෙනකු හා කාන්තාවක්ද ඇතුලත්.
යාපනයේ සිට අලුයම 5.00 ට පමණ බණ්ඩාරවෙලට පැමිණි පුද්ගලික මගී ප්‍රවාහන බස්රථයක් එහිපැමිණි මගීන් බණ්ඩාරවෙලදි දියතලාව කරා ධාවනය වන බස් රථයකට මාරු කර ඇති අතර පිපිරීම සිදුව ඇත්තේ එම බසය තුලයි.
සිද්ධිය වු සැනින් ගිනි නිවන හමුදාව හා පොලිසිය පැමිණ බස් රථයේ ගින්න නිවා දමා තුවාල කරුවන් දියතලාව මූලික රෝහලට ඇතුලත් කර තිබුණා.
මෙම අත්බෝම්බය හමුදා සෙබලකු සතුව තිබූ එකක් බවට විශ්වාස කෙරෙනවා.
රියදුරු අසුනට පිටුපසින් දෙවන අසුනේ පිපිරීම සිදුව ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.
පිපිරීම සම්බන්ධයෙන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්වරයා හා රස පරික්ෂක පරික්ෂණයක් පැවැත්වීමට නියමිතයි.
දියතලාව බස් රථයේ පිපිරීමට හේතුව හෙළිවෙයි

53408
45820
7324
270