දූෂණය අඩු රටවල් අතර ලංකාව 91 / දූෂණය වැඩි රටවල් අතර ලංකාව 89

ලෝකයේ දූෂණය අවම රාජ්‍යයන් අතර තවදුරටත් සාමාන්‍ය මට්ටමට ලගාවීමට ශ්‍රී ලංකාව අසමත්වී තිබෙනවා. ඒ අනුව ට්‍රාන්ස්පේරන්ස් ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තරය නිකුත් කළ 2017 දූෂණය සම්බන්ධ දර්ශකයේ මෙරටට හිමිව ඇත්තේ 95 වන ස්ථානයයි.
2016 වසරට වඩා මෙවර යම් ප්‍රගතියක් පෙන්වා ඇති මෙරට ස්ථාන 4ක් ඉදිරියට පැමිණ තිබෙනවා.
2016 වසරේදී ලෝකයේ දූෂිත රටවල් සම්බන්ධ දර්ශකයේ මෙරටට 95 වන ස්ථානය හිමිව තිබුණා.
කෙසේ වෙතත් ලෝකයේ දූෂණය අඩු රටවල් වල සාමාන්‍ය අගය වන ලකුණු 43ට ලගාවීමට මෙරට තවමත් සමත්ව නැහැ.
ශ්‍රී ලංකාවට දර්ශකයේ හිමිව ඇත්තේ ලකුණු 38 ක් පමණයි.
දකුණු ආසියාවේ ලංකාවට වඩා දූෂණය අවම රටවල් බවට භූතානය හා ඉන්දියාව පත්ව තිබෙනවා.
පකිස්ථානය නේපාලය බංග්ලාදේශය ආදී රටවල් පසුවන්නේ ලංකාවට වඩා දූෂිත රටවල් අතර බවද දර්ශකයේ සදහන්.

6287

ආසාදිතයන්

3561

සුවය ලැබූ

2712

දැනට රෝගීන්

14

මරණ

බෙදා හරින්න :