බළල් ප්‍රහාරයක් හේතුවෙන් මගී යානයක් හදිසියේ ගොඩබස්වයි

Sri Lanka

සූඩානයේදී පියාසර කරමින් පැවැති මගී ගුවන් යානයකට ඇතුළු වූ බළලෙකු එහි නියමුවාට පහර දීම හේතුවෙන් එම යානය හදිසියේ ගොඩබෑමට සිදුවී තිබෙනවා.
සුඩානයේ කාර්ටෝම් ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ සිට කටාර් හී දෝහා වෙත පියාසර කිරීමට නියමිතව තිබූ ටාර්කෝ එයාර්ලයින්ස් ගුවන් යානයක් තුලදී මෙම සිදුවිම වාර්තා වුණා.
ගුවන් නියමු කුටියට පිවිස ඇති මෙම බළලා කළබල වී නියමුවාට පහර දී ඇති අතර එම තත්ත්වය මත යානය පැය භාගයක් වැනි කෙටි කාලයක් තුළ දී නැවත හදිසියේ ගොඩබෑමට සිදුව තිබුණා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ , මීට පෙර අවස්ථා කිහිපයකදීම බළලුන් ගුවන් යාන තුළ මෙලෙස කළබල ඇති කර ඇති බවයි.
2012 දී ද කැනඩා ගුවන් සමාගමේ යානයක නියමු කුටියට ඇතුළු වූ බළලෙකු හේතුවෙන් යානය ගුවන්ගත වීම ප්‍රමාද වුණා.
එම සිදුවීමේදී අදාල බළලා ගුවන් යානයට කූඩුවක දමා රැගෙන විත් තිබූ අතර, කූඩුවෙන් පැන නියමු කුටියට ඇතුළු වීම හේතුවෙන් සියලු මගීන් ගුවන් යානයෙන් ඉවත් කිරීමට සිදුව තිබුණා.
2008 දී ද නවසීලන්තයේ ඔක්ලන්ඩ් හී ගුවන්තොටුපොලේ දී ද පූසෙකු යානයක් තුල කලබල කළ බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *