ජාතික රජයේ දෙවැනි අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී කැපී පෙනෙන වැඩි වෙනස්කම් එක්සත් ජාතික පක්ෂයට හිමි අමාත්‍ය ධූර වලින් කිරීමට එකඟත්වයක් ඇතිව තිබේ. ඉහත එකඟත්වය ඇතිව තිබෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කළ ඉල්ලීමකට අනුවය.

කැබිනට් අමාත්‍ය ධූර 48කට සිමා වන කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය තනතුරු 30ක්ම එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබෙන හෙයින් වැඩි වෙනසක් පෙන්වීමේ හැකියාව එක්සත් ජාතික පක්ෂය සතුව තිබෙන පසුබිම යටතේ නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී කැපී පෙනෙන වෙනස් කමක් එක්සත් ජාතික පක්ෂයට හිමි අමාත්‍ය ධූර වල කිරීමට නියමිතය.

ජාතික රජය යටතේ කැබිනට් නොවන නියෝජ්‍ය අමාත්‍ය ධූර 45ක් පවත්වාගෙන යාමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඉඩ සැලසේ.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :