දුමින්දගේ අනුරගේ ඇමතිකම් මාරුවේ / නීතිය සාමය ෆොන්සේකාට ?

ඇමැති මණ්‌ඩල සංශෝධනයට අදාළව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නම් කරන ලද ලැයිස්‌තුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත රාත්‍රියේ භාරදී ඇති බව වාර්තාවනවා.

ඒ අනුව ඊට අදාළ කැබිනට්‌ මණ්‌ඩල සංශෝධනය හෙට (24 වැනිදා) සිදු කෙරෙන බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග හෙළි කළා.

එම සංශෝධනයට අනුව ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා අමාත්‍යධුරය දැරූ මහාමාර්ග අමාත්‍යාංශය කබීර් හෂීම් මහතාටත්, කෘෂිකර්ම අමාත්‍යංශය දුමින්ද දිසානායක මහතාගෙන් අනුර ප්‍රියදර්ශන යාපා මහතාටත් ලබා දීමට නියමිතයි.

කබීර් හෂීම් මහතා දැරූ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය එක්‌සත් ජාතික පක්‍ෂයේම වෙනත් ඇමැතිවරයෙකු වෙත ලබා දීමට නියමිත බව වාර්තාවනවා.

අනුර ප්‍රියදර්ශන යාපා මහතා අමාත්‍ය ධුරය දැරූ ආපදා කළමනාකරණ අමාත්‍යංශය දුමින්ද දිසානායක මහතා වෙත ලබා දීමට නියමිතයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අමාත්‍ය ධුරය දරන පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යංශයෙන් පරිසර විෂය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ඇමැතිවරයකු වෙත ලබා දීමට නියමිත බව වාර්තාවනවා.

නීතිය හා සාමය අමාත්‍යාංශය සාගල රත්නායක මහතාගෙන් සරත් ෆොන්සේකා මහතා වෙත ලබා දෙන ලෙස යෝජනා වී ඇතත් ඒ පිළිබඳව අවසන් තීන්දුවක්‌ ඊයේ රාත්‍රි වනතුරුත් ලබා ගෙන නොතිබුණ බවයි සදහන් වන්නේ.

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :