දයාසිරි ඉවත් කරන්න / ශ්‍රීලනිපයේ පිරිසකගෙන් හිටපු ජනපතිට ඉල්ලීමක්

Sri Lanka

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පක්ෂයේ ලේකම් ධුරයෙන් ඉවත් කරන ලෙසට එම පක්ෂයේම ජ්‍යෙෂ්ඨයන් පිරිසක් එහි සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
පක්ෂයේ ඇතැම් පිරිස්වලට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කිරීමත්, පක්ෂයේ සමාජිකයන්ට එරෙහිව දැඩි තීන්දු ගැනීමත් සහ රජය විවේචනය කිරීමත් යන චෝදනා මේ සඳහා මුල්කරගෙන ඇති බව සදහන්.
කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර නොදක්වා ඇති බවද එම වාර්තා අනාවරණ කළා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *