කොරෝනා එන්නත දෙන්න අල්ලස් ගත් MOH කාර්යාල කාර්ය සහායකයකු අත්අඩංගුවට

කොරෝනා මර්දන එන්නත ලබා දීමට රුපියල් 1000 ක අල්ලස් මුදලක් ලබා ගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක කාර්යාල කාර්ය සහායකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, මරදානේදී ඔහු අත්අඩංගුවට ගත් බවයි.
සැකකරු සතුව තිබී රුපියල් 20,000 ක මුදලක් ද මෙහිදී සොයාගෙන තිබෙනවා.
ඒ අනුව එන්නත ලබාදීම සඳහා මුදල් ඉල්ලා සිටින පුද්ගලයන් වෙතොත් ඒ පිළිබද පැමිණිලි කරන ලෙසයි පොලිසිය මහජනතාවට දැනුම් දෙන්නේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *