පළාත් 4කට තද වැසි / ජනතාවට උපදෙස්

දිවයින ආසන්නයේ පවතින කැළඹිලිකාරී ස්වභාවය නිසා පළාත් හතරකට හා දිස්ත්‍රික්ක හතරකට වැසි ඇතිවන බවට අනතුරු අඟවා ඇති බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

අධික වැසි ඇති වුවහොත් කඳුකර ප්‍රදේශ නායයාමෙ සහා පහත්බිම් ජලයෙන් යට වී යා හැකි නිසා ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවයි එහි එහි මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ.

මීට අමතරව ත්‍රිකුණාමලයේ සිට මඩකලපුව සහා හම්බන්තොට හරහා ගාල්ල දක්වා මුහුදු ප්‍රදේශවලට වැසි සහ හිගුරුම් සහිත වැසි ඇතිවන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙන බවත් එම නිවේදනයට අනුව ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍ර‘දේශවල සුළ‍ඟේ වේගය තාවකාලිකව පැයට කිලෝමීටර් 70ක් 80ක් දක්වා ඉහළ යා හැකි බවද ඔහු කියා සිටියා.

මේ නිසා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙ හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිවේදන ගැන නිරතුරුවම සැලකිලිමත් වන ලෙසද මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

5625

ආසාදිතයන්

3440

සුවය ලැබූ

2172

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :