නාට්ටිය ඉවරයි / රැඩිකල් වෙනස කෝ / ගම්මන්පිල අසයි – Audio

ආණ්ඩුව තුල ජනාධිපතිවරයා විසින් සිදුකරන බව කියූ රැඩිකල් වෙනස මුලාවක් බවට පත්ව ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ අද කොලඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

සති දෙකක් පුරා අඛණ්ඩව පෙන්වූ ඇමති මාරුව නාට්‍යය, නොඑසේ නම් ආණ්ඩුවේම ඇමතිවරුන් පැවසූ විකට නාට්‍යය දැන් අවසන්. මේක හරියට කන්දක් විලි ලා මී පැටියෙකු වැදුවා වගේ වැඩක්.  ජනපතිතුමා පසුගිය කාලයේ කිව්වේ ඡන්දයෙන් පස්සේ ආර්ථිකය මගේ අතට ගන්නවා කියා. ආණ්ඩුව තුළ රැඩිකල් වෙනසක් කරනවා කියා. ජනතාවත් ඇස් දල්වා මේ රැඩිකල් වෙනස දෙස බලා හිටියා. අන්තිමට මොකද වුණේ? ආර්ථිකය සම්බන්ධ සියලුම අමාත්‍යාංශ තවමත් තිබෙන්නේ එජාපය අතේ.  නටපු තොවිලයකුත් නෑ. බෙරේ පලුවකුත් නෑ. ඇමති මණ්ඩල සංශෝධනයෙන් ජනතාව සතුටුත් නෑ.  ඇමතිවරුන් සතුටුත් නෑ.  කවුරුත්ම සතුටු වී නෑ.

එජාපයේ දරදිය ඇදලා තමන්ට නියෝජ්‍ය අමාත්‍ය ධූරවත් ලැබේවි කියලා බලාපොරොත්තු වූ තරුණ මන්ත්‍රීවරුන් තමන්ට නියෝජ්‍ය  අමාත්‍ය ධුර නොලැබීම නිසා ඉතාම අසහනයට පත් වී සිටිනවා. මේ නිසා එජාපයේ දෙවෙනි පිපිරීම අත ළඟයි. ඒ වගේම අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව යළි කරළියට  ගෙන ආ යුතුයි. එහෙම ගෙන එනවා නම් අපි අත්සන් කරන්න ලෑස්තියි කියණ පණිවුඩය මෙතෙක් අගමැතිතුමන් රැකගැනීම සඳහා කටයුතු කරමින් සිටි එජාපයේ තරුණ මන්ත්‍රීවරුන්ගෙන් අපට ලැබෙනවා”

10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :