ඩුබායිහිදී හදීසි හෘදයා බාධයකින් මියගිය භාරතීය සුපිරි නිළි ශ්‍රීදේවිගේ දේහය පෞද්ගලික ජෙට් යානයකින් ඩුබායි සිට මුම්බායි දක්වා ගෙනෙන අතර අවමංගල්‍ය උත්සවය අද හින්දු ආගමික චාරිත්‍රානුකූලව මුම්බායි ජුහු හි පවන්හාන්ස් ආදාහනාගාරයේදී පැවැත්වීමට නියමිතයි.

ආදාහනයට පෙර ශ්‍රීදේවිගේ දේහය ඇගේ සැමියා වන බොනි කපුර් ගේ මුම්බාහි පිහිටි භාග්‍යලක්ෂ්මි කාර්යාලය වෙතද රැගෙන යන බවයි ප්‍රකාශ වන්නේ.

දේහය ඉන්දියාවට ගෙන එමට ප්‍රමාද වී ඇත්තේ මරණ පරීක්ෂණය සම්බන්ධ වාර්තා සකස් කිරීමට සිදුවූ ප්‍රමාදය මුල් කරගෙන බව ඉන්දී්‍ය මාධ්‍ය වාර්තා කළා.
මේ වන විටත් මුම්බායි හී පිහිටි ඇයගේ නිවස වටා දහස් ගණනක පිරිසක් එක්ව සිටින බවයි එම වාර්තා සදහන් කරන්නේ.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :