බ්‍රසීලයේ නව අවදානම ලෝකයටම බලපෑ හැකියි / හාවර්ඩ් සරසවිය කියයි

බ්‍රසීලය තුල වර්ධනය වෙමින් පවතින කොරෝනා වසංගතය ව්‍යාප්තවීමේ බරපතල අවදානම සමස්ථ ලෝකයටම බලපෑ හැකි බවට හාවර්ඩ් සරසවිය අනතුරු අඟවා තිබෙනවා.
එහි පර්යේෂක විලියම් හැනේජ් පවසන්නේ , ඉදිරි දිනවල මෙම අවදානම බ්‍රසීලය අවට කලාපයේ රටවල් දක්වා පැතිරීමේ හැකියාව වඩාත් ඉහළ බවයි.
ලෝකයේ කොරෝනා වසංගතය යම් මට්ටමකින් අවමවීමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කරන අතරතුර බ්‍රසීලයේ නව අවදානම හටගත් අතර එය එරට බරපතල මට්ටමින් අවදානමකට ලක් කර තිබෙනවා.

ඉකුත් නොවැම්බර්යේ බ්‍රසීලයේ දෛනික ආසාදිතයන් ගණන 10,000 ක් දක්වා පහත වැටුණද එය මේ වන විට දෛනිකව 75,000 ක් ඉක්මවා ගොස් තිබෙනවා.
දැනටමත් මෙම ප්‍රභේදය රටවල් ගණනාවකින් හමුව ඇති බැවින් ඉදිරිය අවදානම්වීමේ හැකියාවක් පවතින බව ද පර්යේෂකයන් පෙන්වා දෙනවා.
මේ අතර අමෙරිකාවේ සී ඩී සී ආයතනය පවසන්නේ , මෙම අවදානම සම්බන්ධයෙන් බරපතල මට්ටමින් අවධානය යොමුකරන ලෙසයි.
මෙය ඉතා සැලකිල්ලෙන් අවධාරණය කර ගත යුතු පණිවිඩයක් බවත් , එක් කොරෝනා විකෘතියක් මගින් මෙතෙක් අත්කරගත් සියළු ජයග්‍රහණ අහිමිවිය හැකි බවත් , සී ඩී සී ආයතනයේ ප්‍රධානියා කියා සිටියා.
පසුගිය වසරේදී බ්‍රසීලය මුහුණදුන් බරපතල කොරෝනා ප්‍රහාරයෙන් පසුව එරට තුල ප්‍රතිශක්තිය වර්ධනයවී ඇතැයි විශ්වාස කළද නව කොරෝනා ප්‍රභේදය මගින් එම සුන්කර දමා ඇති බවද පර්යේෂකයන් පවසනවා.
ලෝකය කොරෝනා එන්නත් පිළිබද පමණක් විශ්වාසය තැබීම හා සෞඛය ආරක්ෂිත උපදෙස් අනුගමනය කිරීම ලිහිල් වෙමින් පැවතීම මෙම අවදානම වර්ධනය කරන බවද නිව් යෝර්ක් පෝස්ට් වාර්තා කළා.
ඒ අනුව අනාගතය සම්පූර්ණ සුබවාදී බව මේ මොහොතේ නොසිතිය යුතු බවයි එම වාර්තාව අවධාරණය කරන්නේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *