ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ 2/26 දින ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ ගුවන් ගමන් වාර දෙකක් අවලංගු කර ඇති බව එම සමාගම නිවේදනය කළා.

2/26 දින දහවල් 1.20 ට පකිස්තානයේ කරච්චි බලා පිටත්ව යෑමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 183 දරන යානයත් , එදිනම රාත්‍රී 10.20 ට මාලේ බලා පිටත් වීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 109 දරන යානයත් මෙසේ අවලංගු කර තිබෙනවා.

මෙයට හේතු වී ඇත්තේ ඉකුත් 2/24 දා සිටම ශ්‍රී ලන්කන් ගුවන් ගමන් වල පවතින ප්‍රමාද වීම් නිරාකරණය කර ගැනීම සදහා බව කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කළා.

ඉකුත් 2/24 දින කොචින් ගුවන් තොටුපොළ ආසන්නයේ දී A- 330 එයා බස් වර්ගයේ ගුවන් යානයක කුරුල්ලෙකු වැදීම නිසා එය ධාවනයෙන් ඉවත් වීම මෙම ගුවන් ගමන් ප්‍රමාදයට බල පෑ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා පවසනවා.

මේ වනවිට මෙම යානය යථා තත්වයට පත් කරමින් පවතින අතර , එය 2/27 දිනයේ දී යළි ධාවනයට එක් කළ හැකි බවද , ඒ වනවිට මෙම ශ්‍රී ලන්කන් ගුවන් යානා වල පවතින ප්‍රමාදය අවසන් වනු ඇති බවද ඔහු කියා සිටියා.

මීට අමතරව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා නව දිල්ලි ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටීම නිසා , එහි ළගා වෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක් වෙනත් ගුවන් තොටුපොළක් වෙත යොමු කිරීම නිසා ද මෙම ප්‍රමාද වීම් ඇති වීමට බල පෑ බවද ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කළා.

ශ්‍රී ලන්කන් ගුවන් මගීන් සදහා 01197331979 දුරකථනය දවසේ පැය 24 පුරා විවෘතව පවතින අතර , ගුවන් තොටුපොළ වෙත පිවිසීමට පෙර අවශ්‍ය නම් වැඩිදුර විමසීම් කරන ලෙසද ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලීමක් කරනවා.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :