ශ්‍රී ලංකා රජයේ නීති විරෝධී ඉඩම් ගනු දෙනුවලට සම්බන්ධ නොවන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ චීන තානාපති බෙන් සේයුවාන් මහතාට දැනුම් දී තිඛෙනවා.හිටපු ජනාධිපතිවරයා හා තානාපතිවරයා අතර විශේෂ හමුවක් ඉකුත් දා හිටපු ජනාධිපති නිල නිවසේදී සිදු වූ අවස්ථාවේ රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර ඇති බවයි වාර්තාවන්නේ.
තම රටේ ජනතාවට හානියක් සිදු නොවන අයුරින් හම්බන්තොට වරාය ගිවිසුම යටතේ අදාළ සමාගම ලබා ගෙන ඇති ඉඩම් සංවර්ධනය කළ යුතු බවද ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙසද රාජපක්ෂ මහතා තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි සදහන්. චීන තානාපතිවරයා මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ ලබා ගෙන ඇති විශිෂ්ට ජයග්‍රහණය සම්බන්ධයෙන් සිය සතුට ප්‍රකාශ කළ බවද වාර්තාවනවා.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :