ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් ගමන් වාර කිහිපයක් අද (27) ද  ප්‍රමාද වන බවත් එමෙන්ම හෙට (28) ගුවන් ගමන්වාර හතරක් අවලංගු වන බවත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිවේදනය කරනවා.

ඒ අනුව UL402 කොළඹ – බැංකොක්, UL173 කොළඹ – බැංගලෝර්, UL165 කොළඹ – කොචින්, UL121 කොළඹ – චෙන්නයි, UL404 කොළඹ – බැංකොක්, UL159 කොළඹ – විශාකාපට්ටම්, UL161 කොළඹ – ත්‍රිවේන්ද්‍රම් සහ UL880 කොළඹ – ගුණගෝර් දරණ  අද (27) දිනයට නියමිත ගුවන් ගමන් ‍ගුවන් ප්‍රමාද වන බවද හෙට (28) ට නියමිත UL707 කොළඹ – සීෂෙල්ස්, UL708 සීෂෙල්ස් – කොළඹ, UL143 කොළඹ – මුම්බායි, UL144 මුම්බායි – කොළඹ දරණ ගුවන් ගුවන් ගමන් අවලංගු කර ඇත.

UL143 දරණ ගුවන් යානයෙන් කොළඹ සිට මුම්බායි දක්වා යන මගීන්  UL141 යානයටත් UL144 ගුවන් යානයෙන් මුම්බායි සිට කොළඹට පැමිණෙන මගීන් UL142 යානය වෙතත් මාරු කරනු ලබන බවද  ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැඩිදුරටත් සදහන් කළා.

21469

ආසාදිතයන්

15447

සුවය ලැබූ

5928

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :