ඉන්දියාවට පලා ආ පොලිස් නිලධාරීන් යළි භාරදෙන්න / මියන්මාර හමුදා පාලනය ඉල්ලයි

Sri Lanka

තම රටේ සිට ඉන්දියාවට පලා ගිය පොලිස් නිලධාරීන් පිරිසක් ආපසු භාර දෙන ලෙස මියන්මාර හමුදා පාලනය ඉන්දියාවට දැනුම්දී තිබෙනවා.

මියන්මාර පොලිස් නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් පසුගියදා ඉන්දියාවට පැමිණ ඇත්තේ දේශපාලන රැකවරණ අපේක්ෂාවෙනුයි.

පොලිස් නිලධාරීන් 8 දෙනෙකු සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් මෙලෙස දේශ සීමාව තරණය කර ඉන්දියාවට පැමිණ ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.

මියන්මාරයේ පවතින අස්ථාවර තත්ත්වය හමුවේ මේ වනවිට දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාර මාලාවක් හමුදා පාලනයට එරෙහිව ආරම්භ වී තිබෙනවා.

පසුගිය මසකට ආසන්න කාලය තුළදී පුද්ගලයන් 55 දෙනෙකුට වැඩි පිරිසක් උද්ඝෝෂණ ව්‍යාපාර අතරතුර ඝාතනයට ලක්වි ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කළා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *