උදයංග වීරතුංග නම ජාත්‍යන්තර අපරාධකරුවන්ගේ ජාලයට

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ප්‍රමුඛ පෙළේ අපරාධකරුවකු වශයෙන් ජාත්‍යන්තර අපරාධකරුවන්ගේ ජාලයට ඇතුළත් කැර ඇත.

මේ සමඟ උදයංග විරතුංග මහතාට කිසිදු ආකාරයකින් නිත්‍යානුකුල ක්‍රමයකින් රටකට ඇතුල් විමට හෝ සැගවී සිටි රටින් පිටව යැමට නොහැකි වෙයි.

කොළඹ අපරාධ වාර්තා කොට්‍ඨාශයේ ලියාපදිංචි අපරාධකරුවන්ගේ ජාලය හරහා ජාත්‍යන්තර අපරාධකරුවන්ගේ ජාලයට මෙසේ උදයංග විරතුංග මහතා ඇතුළත් කැර ඇත.

කොළඹ අපරාධ වාර්තා කොට්ඨාශයේ ස්ථාපිත කැර ඇති අන්තර් ජාලය හරහා ක්‍රියාත්මක වන එම ජාත්‍යන්තර අපරාධකරුවන්ගේ ජාලයට මේ වන විට ලෝකයේ ප්‍රබල අපරාධකරුවන් දස දහසකට වැඩි ප්‍රමාණයක් ඇතුළත් කර ඇත.

ලෝකයේ ප්‍රසිද්ධ මත් කුඩු ජාවාරම්කරුවන්, මුල්‍ය වංචාකරුවන්, කොල්ලකරුවන්, ‍ජාත්‍යන්තර ජාලය හරහා වෙබ් අඩෙවිවලට රිංගා දත්ත සොරා ගන්නන් , මුහුදු කොල්ලකරුවන්, මුදල් ව්‍යාජ ලෙස මුද්‍රණය කරන්නන්, කළු සල්ලි උපයන්නන් ජාත්‍යන්තර රන් ජාවාරම්කරුවන් ඇතුලු විවිධ ආකාරයේ මුල්‍ය අපරාධකරුවන් මෙන්ම පාතාලය, ජාත්‍යන්තර ත්‍රස්තවාදින්, මාෆියා කල්ලි ඇතුලු ජාත්‍යන්තර අපරාධකරුවන්ගේ ජාලයට උදයංග විරතුංග මහතාගේ නමද ඇතුළත් කර තිබේ.

එම අපරාධකරුවන්ගේ ජාලය‍ට ලෝකයේ සියලුම රටවල් එකතු වී තිබේ. එම ජාලය එම රටවල්වල විසි හතර පැය පුරාම නොනවත්වා ක්‍රියාත්මක වෙයි. එම අපරාධකරුවන්ගේ නම් ගම් හැදුනුම්පත් අංක ව්‍යාජ ලෙස පාවිච්ච් කරන හැදුනුම්පත් අංක , විදෙස් ගමන් බලපත් විස්තර ඇතුලු සියලුම විස්තර සමඟ එම අපරාධකරුවගේ ජායාරුප සහිත විස්තරයක් එම දත්ත ලැයිස්තුවට එකතු කැර ඇත.

එම ජාලයට ඇතුළත්ව සිටින ඕනැම අපරාධකරුවකු ලෝකයේ යම් රටකට ඇතුළත් වන‍ මොහොතේ හෝ සැග වී සිටින රටකින් පිටවන මොහොතේ එම ජාත්‍යන්තර අපරාධකරුවන්ගේ ජාලය තුළින් තත්ත්පර කිහිපයක් තුළ ඔහුව අදාළ ආරක්ෂක අංශවලට අත්අඩංගුවට ගැනීමට හැකි වනු ඇත.

අපරාධකරුවකු ඉතාමත් කඩිනමින් කොටු කර ගැනිමේ එම දියුණු තාක්ෂණික ක්‍රමය මෙරටට ලැබුනේ මිට වසර දෙකකට පෙරය. කොළඹ අපරාධ වාර්තා කොට්ඨාශයේ ලියාපදිංචි මෙරට අපරාධකරුවන් එම අපරාධ කොට්ඨාශයේ මෙවැනිම තවත් අපරාධකරවන්ගේ ජාලයට ඇතුළත් කැර ඇත.

මෙරටින් පළා ගොස් නොයෙකුත් රටවල සැඟ වී සිටින රතු නිවේදන නිකුත් කරන ලද අපරාධකරුවන් ශ්‍රි ලාංකිකයන් තුන්සියයක පමණ පිරිසක් අපරාධකරුවන්ගේ ජාත්‍යන්තර ජාලයට ඇතුළත් කැර ඇත. මොවුන් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුම් ජාත්‍යන්තර පොලිසිය සහ බුද්ධි අංශ මඟින් නිරතුරුවම සිදු කෙරේ.

6287

ආසාදිතයන්

3561

සුවය ලැබූ

2712

දැනට රෝගීන්

14

මරණ

බෙදා හරින්න :