කුරුණැගල අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ තඹුත්තේගම පොලීසිය හන්දිය ප්‍රදේශයේ දී උද්ඝෝෂකයින් පිරිසක් විසින් පොලීසියට ගල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
රාජාංගය වැව ආශ්‍රිතව අක්කර 17,000 ක ගොවිතැන් කිරීමට භාවිතා කරන රාජාංගනය වැව පානීය ජල බෝතල් නිෂ්පාදය කරන පෞද්ගලික චීන සමාගමකට ලබාදීමට විරෝධය පල කරමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇති බව සදහන්.
උද්ඝෝෂණය හේතුවෙන් කුරුණැගල අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමනයට දැඩි බාධා එල්ලවී තිබෙනවා.
විරෝධතාව පාලනයට පොලිසිය අධි පීඩන ජල ප්‍රහාරයක් හා කදුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කර ඇති බවයි වාර්තාවන්නේ.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :