ඉරණවිල,සමිදුගම අක්කර 40 ප්‍රදේශයේ පදිංචිව සිටි ජේ.පී.සුසිත් නිර්මාල් නම්වූ දස හැවිරිදි පාසල් සිසුවා ඝාතනය කිරීමට පෙර ලිංගික අපයෝජනයක් සිදුවී
ඇති බවත්,දරුවාගේ හිසට සිදුවී ඇති බරපතල හානි හේතුවෙන් මරණය සිදුවී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා.
හලාවත මහා රෝහලේ විශේෂ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී.කේ.විජේවර්ධන මහතා විසින් අද දහවල් හලාවත මහා රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අතර එහිදීයි මේ බව අනාවරණවී ඇත්තේ.තම නිවසින් අතුරුදහන්වී සිටි හලාවත – ඉරණවිල පදිංචි සුසිත් නිර්මාල් දරුවාගේ මල සිරුර 27 වැනිදා පෙරවරුවේ සොයා ගම්වාසීන් විසින් සොයා ගෙන තිබුණා.ගිරවුන් ඇල්ලීමට බව පවසා පොල් කැඩීමේ නිරත පුද්ගලයකු විසින් දරුවා කැදවාගෙන ගොස් ඇති බවයි අනාවරණවී ඇත්තේ.

එසේ යාමට පෙර මෙම පාසල් සිසුවාට සැකකරු විසින් ටොෆි මිලදී ගෙන දී ඇති බවටද සාක්ෂි පවතිනවා.
සැකකරු හා දරුවා ඇතුලත් සී සී ටී වී දර්ශනයක්ද පටිගතව ඇති අතර ඒ හරහා පරීක්ෂණ සිදුකෙරෙනවා.
සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :