ජපානය හා අමෙරිකාව විශේෂ සාකච්ජාවක

එක්සත් ජනපදය සහ ජපානය අතර විශේෂ මට්ටමේ ආරක්ෂක සංවාදයක් පවත්වා ඇති බව යාහූ පුවත් වාර්තාකර තිබෙනවා.
නැගෙනහිර සහ දකුණු චීන මුහුදේ චීන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් හා බීජිංහි නව වෙරළාරක්ෂක නීතිය පිළිබඳ ද්විපාර්ශ්වික ආරක්ෂක සාකච්ඡාවක් මෙහිදී සිදුවූ බවයි ජපානය පවසන්නේ.
වීඩියෝ දුරකථන සංවාදයේදී එක්සත් ජනපදය නියෝජනය කර තිබුණේ ජපානයේ සහ කොරියාවේ නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් මාක් නැපර් සහ නැගෙනහිර ආසියාවේ ආරක්ෂක නියෝජ්‍ය ආරක්ෂක ලේකම් මේරි බෙත් මෝගන් ඇතුළු කණ්ඩායමක්.
ජපානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුටාකා අරිමා සහ ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ටාරෝ යමාටෝ ජපාන රජය නියෝජනය කළ බවද අනාවරණ කර තිබුණා.
ඒ අනුව දෙපාර්ශ්වයම නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් පවත්වා ගෙන යාම හා චීන බලපෑම් වැළැක්වීමේ සහ ප්‍රතිචාර දැක්වීමේ හැකියාවන් වැඩි දියුණු කිරීමට එකඟතාවය පළ කළ බවයි යාහූ පුවත් වාර්තා කරන්නේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *