රන්ජන්ට මාස 3ක නිවාඩුවක් ඉල්ලයි

වසර හතරක බරපතළ සිර දඬුවමක් නියම වී අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක වෙනුවෙන් කථානායකවරයාගේ මාස තුනක නිවාඩුවක් ඉල්ලීමට විපක්ෂය තීරණය කර තිබෙනවා.
ඒ අනුව එම ඉල්ලීම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් එළඹෙන 09 වැනි දා කතානායකවරයා වෙත යොමුකිරීමටයි නියමිතව ඇත්තේ.
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට මාස 03කට වැඩි කාලයක් පාර්ලිමේන්තු නොපැමිණ සිටීම සදහා පාර්ලිමේන්තුවෙන් නිවාඩු හිමිවිය යුතු අතර නැතහොත් ඔහුගේ මන්ත්‍රී ධූරය ගැටලුවකට ලක්වීමට නියමිතයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *